නිල්ගල වලව්වේ මුල් උරුමක්කාරයාගේ පැමිණිම
අලූතෙන් වෙන්දේසි කළ වත්තේ එකින් එක නිවෙස් ඉදිවෙමින් පැවතුණි. අක්කර ගණනක් පුරා පැතිරුණු නිල්ගලවත්ත බිම් කොටස් සිය ගණනකට බෙදී වෙන් විය. නිවසේ වැඩ කටයුතු අඩක් නිම කර මුලින්ම නිල්ගලවත්තේ පදිංචියට ආවේ හසිතගේ පවුලේ අයයි. අඩක් නිම කළ ගෙයි සිට ටිකින් ටික වැඩ කටයුතු
ඉවර කර ගැනීම ඔහුගේ බලාපොරොත්තුව විය. එසේම නිල්ගලවත්තේ තැන තැන ඉදිවෙමින් පවතින ගොඩනැගිලි කිහිපයක්ම විය.

